32 C
Colombo
Friday, March 31, 2023

ලෝකෙ වටේ ගිහින් ඩයස්පෝරාවෙන් ඩොලර් ගේන්න මම ලෑස්තියි..! – මනෝ

- Advertisement -

විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

ඒ, ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,

“මේවා ඉවත්වීම හරහා ලෝකෙට ලංකාව ගැන හොඳ පණිවුඩයක් ලබාදීලා තිබෙනවා. ඒ පණිවුඩය සුබවාදී පණිවිඩයක් කියලා මම කියනවා. මේ පණිවුඩය අරන් ගිහින් උතුරු අමෙරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට මම ගිහිල්ලා ලංකාව වෙනුවෙන් කතා කරන්න ලෑස්තියි. මට ඒක පුළුවන්. මම දමිළ ශ්‍රී ලංකිකයෙක්, නමුත් උතුරු – නැගෙනහිර නෙවෙයි. සිංහල ජනතාව එක්ක ඉන්න කොළඹ මන්ත්‍රී. මම දෙමළ, මුස්ලිම්, සිංහල සියල්ල දන්නවා. මේ ආණ්ඩුවේ මට ඇමතිකම් එපා මම ඒකට සුදානම් නෑ. නමුත් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි මම. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, සලකා බලන්න මේ ඩයස්පෝරා ආයතන කවුරුත් දැන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. මට වගකීම භාරගන්න පුළුවන්. මට පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙනසක් ගේන්න. හැබැයි යනකොට මට හිස් අතින් යන්න බෑ. ආණ්ඩුවෙන් මට ඕනේ සැලැස්මක්.”


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...