29.4 C
Colombo
Friday, April 26, 2024

සුළු ජාතීන්ට එරෙහි හිංසා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෙන් පාකිස්තානයට දොස්

- Advertisement -

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හින්දු, කි‍්‍රස්තියානි, සීක්, බෞද්ධ සහ අහමදි මුස්ලිම් වැනි ආගමික සුළුතරයන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන රජයට දොස් පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පසුගියදා “පකිස්ථානයට එක්සත් රාජධානියේ ආධාර” (UK Aid to Pakistan)” යන මාතෘකාවෙන් යුත් වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර එමඟින් පාකිස්ථානයේ ආගමික නීති පුද්ගලික ආරවුල් විසඳීමට සහ සුළුතර ආගම් ඉලක්ක කිරීමට නිතර නිතර අවභාවිත වන බව සදහන් කරන තිබේ.

ආගමික සුළු ජාතීන්ට, ප්‍රධාන ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනාවලට ලක්වීමේ සිද්ධීන් මෑත කාලීනව වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර, ඒවායින් සමහරක් ප්‍රචණ්ඩ ඝාතනවලට හේතු වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පාකිස්ථානය තුල විවිධ සටන්කාමී කණ්ඩායම් 40ක් ක්‍රියාත්මක වන බවත්, රට තුළ සටන්කාමීන් 40,000ක් පමණ සිටින බවත් බොහෝ විට ආගමික සුළු ජාතීන් මෙම අන්තවාදී කණ්ඩායම්වල ඉලක්ක වී ඇති බවත් පැවසේ.

ආගමික සහ සංස්කෘතික පසුබිමට අනන්‍ය වූ ඇඳුම් අඳින සුළු ආගමික කාන්තාවන් ඉලක්ක කර හිරිහැර කිරීම සිදු කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.

පකිස්ථානයේ පසුගිය වසර පහක කාලය තුළ සෑම වසරකම කාන්තාවන් සහ ගැහැණු ළමුන් 1,000ක් පමණ බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගෙන ඇති බවද පැවසේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...