මෙරට ඉ-වානිජ්‍ය අඩවියක් වන කප්රුක විසින් දර මිටි ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්, මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටින්නේ තමන් කිසි දිනෙක ඔන්ලයින් දර වෙළෙඳාමක් ගැන සිතුවේවත් නැති නමුත් ඒය මේ වන විට සත්‍ය වශයෙන්ම සිදුවන බවයි.
ගෑස් උදුන්, විදුලි උදුන් භාවිතය කරා යොමු වීම වැනි කරුණු හේතු කොට ගෙන දර ලිප් භාවිතයෙන් ජනතාව ඈත් වීම 90 දශකයේ පටන් ක්‍රමානුකූලව සිදුවිය.
කෙසේ නමුත් රට මුහුණ දෙමින් සිටින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාවට විකල්පයන් කෙරෙහි යොමුවීටම සිදුවන බවට මෙය මනාව ඉඟි සපයයි.