26 C
Colombo
Tuesday, May 7, 2024

රනිල්ගෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා ගැන හොයලා බලනවා – සජබ

- Advertisement -

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන ලද විමධ්‍යගතා යෝජනාවලට ජනාධිපතිවරයා විසින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවට සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

‘මව්බිම’ වාර්තා කළේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර දීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසූ බවයි.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහිදී සඳහන් කර ඇත්තේ විමධ්‍යගත යෝජනා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් එලෙස මුදල් ලබා ගැනීම වැරදි බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔවුන් ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් සමගි ජන බලවේග පක්ෂ මහලේකම්වරයා පවසා තිබෙනවා.

ඔහු තවදුරටත් අවධාරණය කර ඇත්තේ, අදාළ මන්ත්‍රීවරුන්ට දැනටමත් මේ සඳහා මුදල් ලබා දී ඇතිද යන්න පිළිබඳව සොයා බලන බවයි.

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට අල්ලස් ලෙස මුදල් ලබා දී ඇති බව ත් එම ප්‍රතිපාදන තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට ම ලබාගෙන ඇත්දැයි සොයා බලන බවත් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට විකෘති කළද දේශපාලනයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බා ගැනීමට ජනපතිට ඉඩ නොදෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී පවසා තිබුණා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ නොයෙක් පඬුරු ලබා දී සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට රජය උත්සාහ කරන බවයි.

එලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පමණක් මුදල් ලබා දීම අසාධාරණ බවත් විමධ්‍යගත ප්‍රතිපාදන ඇත්තේ සෑම මන්ත්‍රීවරයෙකුට ම ලබා දීමට මිස තෝරා ගත් අයට දීමට නොවන බවත් සමඟි ජන බලවේගයේ මහ ලේකම්වරයා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....