32 C
Colombo
Saturday, April 20, 2024

යුද්ධ කරන මිනිහට පුළුවන්ද රටක් පාලනය කරන්න – ගැටඹේ විහාරාධිපති (වීඩියෝ)

- Advertisement -

රටේ පරිපාලනයේ වැදගත් ස්ථාන සඳහා හමුදා නිලධාරීන් පත්කර ඇති බවත් යුද්ධ කර පලපුරුද්දක් ඇති පුද්ගලයන් හට රටක් පාලනය කළ නොහැකි බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ එවැනි පුද්ගලයින් මේ වන විට ‘පිස්සු නටමින්’ සිටින බවයි.

සිරිවිමල හිමියන් මෙම අදහස් පලකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඇමරිකානු ජනාධිපතිවරයා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියද තමන් හොඳටම වැටී ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව එස්.බී. දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දුවූ කිසිවක් මේ වන තෙක් සිදුකර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදු නොකරන බවද මන්ත්‍රීවරයා සිරිවිමල හිමියන් වෙත පැවසුවා.

මෙරට මුදල් අවශ්‍යතාවය සඳහා ඇති පමණ මුදල් ලබාගන්නා ලෙසත් එම මුදල් කැමති කාලයක නැවත ලබා දෙන ලෙසත් චීන රජය දැනුම්දී ඇති බවත් එස්. බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...