29 C
Colombo
Saturday, May 4, 2024

තෙල් ඕනෙ නම් ඩොලර් දෙන්න – ඇමති ගම්මන්පිල

- Advertisement -

ඇමරිකානු ඩොලර් භාවිතයෙන් ගෙවීම් කළහොත් පමණක් මින් ඉදිරියට විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පසුගිය සතියේ ඇණහිටි අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇති බවත් ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ අයුරින් ඉන්ධන ලබාදිය නොහැකි බවත් සඳහන් උදය ගම්මන්පිල මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බවත් දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන සඳහා අවශ්‍ය වන ඉන්ධන අවසන් වනු ඇති බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් සතියක පමණ කාලයක් තුල ඉන්ධන ආනයනය කර ලබාදිය හැකි බවයි.

විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව ඇති බවත් ඉන්ධන අවශ්‍ය නම් මුදල් ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ගෙවීම් සිදුකළ නමුත් විදුලිබල මණ්ඩලය එසේ සිදුකිරීමට අපොහොසත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...