ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය වෙත එක් වීමට සූදානම් වන බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ වාර්තා කර ඇත.
එහි අවසන් තීරණය ලබන බදාදා (09 වැනිදා) ගැනීමට නියමිත බව එහි සඳහන්ය.
මෙම එක්වීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මේ වන විට පවත්වා ඇති අතර එහි අවසන් සාකච්ඡාව එදින සිදු කෙරේ.
එහි දී සමගි ජන ජනබලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය වුවහොත් පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සමගි ජන බලවේගය වෙත එක්වීමට නියමිතය.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, අර්ජුන රණතුංග යන මහත්වරු ඇතුළු තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් පිරිසක් සමගි ජන බලවේගය වෙත එක්වීමට මේවන විට කැමැත්ත පළකර ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.
ඔහු සමගි ජන බලවේගය වෙත එක් වුවත් ජාතික හෙළ උරුමය විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවත් එය පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ නායකත්වය යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් තවදුරටත් වාර්තා වේ.
මෙම පිරිස සමගි ජනබලවේගයට එක්කර ගැනීමත් සමග පක්ෂ ව්‍යවස්ථාව ද වෙනස් කර බලය විමධ්‍යගත කිරීමට පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ වී ඇත.
තව කියවන්න
- “Don’t act childish”: EC hits back at DG Information
- Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
- චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ
- ලෝකයේ සෞඛ්‍යට ඉන්දියාවෙනුත් හයියක්
- BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී
- නබිතුමාට අපහාස කළොත් මැරෙනකම් හිරේ