29.4 C
Colombo
Friday, April 26, 2024

අහසටත් උඩින් පියාඹන කුකුළු මස් මිල

- Advertisement -

දේශීය වෙළඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1450 කට අලෙවි වන අතර දින තුනකට වරක් මිල රුපියල් 50 කින් ඉහළ යනු ඇතැයි බැස්ටියන් මාවතේ කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති එම්.අයි.එම්. ඉක්බාල් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහා පරිමාණ කුකුළුමස් නිෂ්පාදකයෝ 15 දෙනාගේ තීරණයට අනුව කුකුළු මස් මිල වැඩි කළ යුතුව ඇති බවයි.

“අවශ්‍ය කුකුළු මස් තොග ඉල්ලුමට සරිලන පරිදි ඔවුන් ළඟ තිබෙනවා. අපි ඔවුන්ගෙන් මිලදී ගන්නවා. දින තුනකට වරක් කුකුල් මස් මිල රුපියල් 50 කින් වැඩි කරන්න ඔවුන් කටයුතු කරනවා. කුකුළුමස් මිල සම්බන්ධයෙන් තීරණ ගන්නේ මහාපරිමාණ කුකුළුමස් නිෂ්පාදකයෝ එකතු වෙලා. ඔවුන්ගේ වැඩ නිසා නිසා අපිට අපේ පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න බැහැ. ගොඩක් පාරිභෝගිකයෝ අපිට බනිනවා. මේ අතර කුකුළුමස් නිෂ්පාදකයෝ කුකුළු ආහාර හිඟයි කියලා විලාප නගනවා. මේ තත්ත්වය නිසා බිත්තර වලට කළා වගේම කුකුළු මස් වලටත් පාලන මිලක් නියම කරන්න රජය වහාම පියවර ගත යුතුයි. එහෙම නැත්තන්, කර්මාන්තය කඩා වැටිලා කුකුළු මස් විශාල හිඟයක් ඇති වෙලා මන්දපෝෂණය ෛහළ යයි.” යැයි ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...