වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව ප්‍රදේශයේ පදිංචි 5 හැවිරිදි අනුහස් නැමැති දරුවෙක්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ පෙර පාසල අවසන් වී නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ දොර හදිසියේ විවෘත වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.