24 C
Colombo
Thursday, March 30, 2023

චීනය හඳේ කඳවුරක් ගහනවාලු!

- Advertisement -


චෑන්ග්ඊ-5 රොබෝ යානයෙන් පෘථිවියට ගෙනාපු සඳේ ගල් සාර්ථකව පෘථිවියට ගෙනාවාට පස්සේ චීනය ලොකු ලොකු වැඩවලට සූදානම් වෙනවා. පහුගිය බ්‍රහස්පතින්දා චීනය කීව විදියට එයාලාගේ ඊළඟ බලාපොරොත්තුව හඳේ කඳවුරක් ගහන්න සහ හඳට චීන ගගනගාමීන් යවන්න. 


දැනටමත් දන්නවා ඇති. හඳෙං ගල් ගෙනාපු මෙහෙයුම සෑහෙන තීරණාත්මකයි. ගල් ගෙනාපු යානය ගොඩබැස්සේ මොංගෝලියාවට. මේක අවුරුදු 40 කට විතර පස්සෙ පෘථිවියට හඳෙන් ගල් ගෙනාපු අවස්ථාව. 
දැං කියන විදියට චීනයේ ඊළඟ සඳ මෙහෙයුම් තුනක් ලෑස්තියි.  මේ මෙහෙයුම් ගැන චීන සඳ මෙහෙයුම්වල ප්‍රධානියා වන වු යන්හුවා විස්තර කරලා තිබුණා.


වාර්තාවෙන ආකාරයට හඳේ විතරක් නෙවෙයි. අඟහරු ලෝකෙ ගල් ආපහු ගේන්ඩත් චීනෙ ලෑස්තිවෙනවා. ඊට අමතරව උල්කාපාතවලටත් ගොඩබහින්න එයාලා ලෑස්තිවෙනවා. ඒ අතරේ බෘහස්පති ලෝකෙ ගැනට් එයාලා හොයන්න හිතනවා.


චෑන්ග්-5 කියන්නේ පහුගිය මාසයක් වගේ ඇතුළත කතාබහට ලක් වූ, අපේ ලෝකට පිටින් ගල් ගෙනාපු දෙවැනි යානය. පහුගිය දවසක ජපානේ යානෙකුත් උල්කාපාතෙක තිබුණ ගල් ගෙනාවා. 


මේ වගේ උල්කාපාතවලින්, හඳෙන්, ග්‍රහලෝකවලින් ගල් ගෙනල්ලා මොනවා කරන්නද? ඇත්තටම ලෝකයේ අනාගතය තියෙන්නේ ඒ පිටිං ගේන ගල්වල. 

දැං හැමෝම දන්නවානේ, මිනිස්සු පෘථිවියේ සම්පත් විනාස කරලා. පරිසරය විනාස වෙලා. ඉතිං අනාගත ලෝකෙ මිනිස්සු සම්පත් හොයන්නෙ අපේම සෞරග්‍රහ මණ්ඩලයෙ වෙන තැන්වලින්. ග්‍රහලෝකවලින්, හඳෙන්, උල්කාපාතවලින්. යකඩ හදන්න මූලද්‍රව්‍ය ගන්නෙ ඒවයෙන්. නිකමට හිතන්න දියමන්ති ගොඩක් තියෙන උල්කාවක් හම්බවුණොත් මිලියන කීයක් වුණත් වියදම් කරල ඒ ලෝකට බැහැලා දියමන්ති කඩාගන්න අපේ අයට ඕනෑ වේවි. 


හැබැයි මේ විදියට සෞරග්‍රහ මණ්ඩලය වටේ යානා යවනකොට, ඒ යානාවලට අතරමැද ස්ටේෂන් එකක් ඕනෑ වෙනවා. ඒ නිසා තමයි දැං ඇමෙරිකාවයි, චීනෙයි රටවල් දෙකම හඳේ කඳවුරු ගහන්න ට්‍රයි කරන්නෙ. 
හඳේ වතුර සහ වෙන සම්පත් පාවිච්චි කරලා, ඔය කඳවුරු හැදුවාම ඉස්සරහට යන එන ලොකු අභ්‍යවකාශ යානාවලට සම්පත් සපයන්න පුළුවන්. නිකමට හිතන්න, ලොකු බඩු නැව්වලට ගුවන් තොටුපලක් වගේ. අභ්‍යවකාශ තොටුපොළක්. 

චෑන්ග්ඊ කියන නම හැදිලා තියෙන්නෙ සඳට අධිපති චීන දේවතාවියගෙ නමින්. චෑන්ග්ඊ-6 සැලසුම් කරලා තියෙන්නෙ 2023 වසරේදී. ඒකෙදී හඳේ දකුණු කොටසට ගොඩබහින්න එයාලා ලෑස්තිවෙනවා. ඒගොල්ලෝ ඒ මෙහෙයුමේදී සඳේ කඳවුර හදාගන්න අවශ්‍ය කටයුතු කරනවා. 


එයාලා දැන්ම තොටුපලක් හදන්නෙ නෑ. මුලින්ම කරන්නෙ විද්‍යාත්මක පර්‍යේෂණවලට මධ්‍යස්ථානයක් හදන එක. මේ මෙහෙයුම් මාලාවේ හත්වැනි සහ අටවැනි යානාවල ඒ මධ්‍යස්ථානය ඉදිකරන කණ්ඩායම් ගමන් කරනවා. 

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...