27.8 C
Colombo
Friday, April 26, 2024

ව්‍යාජ සමාජ මාධ්‍ය හමුදාවකින් ලෝකය නොමඟ යවන චීනය

- Advertisement -

පසුගිය දිනක හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අවධාරණය කළේ කොවිඩ් 19 යනු විද්‍යාත්මක කරුණක් පමණක් බවයි. එය දේශපාලනීකරණය කිරීම නොකළ යුතු බව ද ඔහු එහිදී පවසා තිබිණ.

කෙසේවෙතත්, චීන කොමියුනිස්ට් පක්ෂය ව්‍යාජ ගිණුම් භාවිතා කරමින්, කොරොනා වෛරසය චීනයෙන් බිහි වූ බවට වන කරැණු හා සම්බන්ධ සියලු මත බැහැර කරමින් ලෝක දේශපාලන ක්‍රීඩාවක නිරත ව සිටින බවට බොහෝ පාර්ශව චෝදනා කරනවා.

චීනය සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුද්ගල බලඇණියක් ස්ථාපිත කර තිබෙන බවත් ඔවුන් චීන හිතවාදී ප්‍රවෘත්ති ඔස්සේ නොමඟ යැවීම් සහ බියජනක තත්වයන් උත්පාදනය කරන බවටත් චෝදනා නැගී තිබෙනවා.

එම ව්‍යාජ පුවත් ලොවපුරා චීන තානාපති කාර්යාල මගින් ට්ව්ටර් ඔස්සේ පළ කිරීම හරහා එය සත්‍යයක් බවට පත්කරනු ලබන බවටත් චෝදනා එල්ල වනවා. එම ප්‍රවෘත්තිවලට චිනයේ මුද්‍රිත හා විද්‍යුත් රාජ්‍ය මාධ්‍ය මඟින්ද පුළුල් ප්‍රචාරයක් ලබාදීම විශේෂත්වයක්.

කොරෝනා වෛරසය දේශපාලනීකරණය නොකරන ලෙස මෙන්ම එහි මූලාරම්භය සෙවීමට පවත්නා විවිධ උත්සහයන්ට ශ්‍රී ලංකා රජය මැදිහත් නොවිය යුතු බවටත් , චීන තානාපතිවරයා මෙරට සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කර බව සදහන්. ඔහු සදහන් කර ඇත්තේ, එමගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි. නමුත් වසංගතය පාලනයට ලොව පුරා සිදුකරන සටනේ ප්‍රගතියට එය බාධාවක් බව යළි යළිත් සදහන් කළ යුතු නැහැ.

ඔවුන් සමඟ කටයුතු කරන රටවල් වෙත චීනය එවැනි “අමුතු ප්‍රකාශ” සිදු කිරීම සහ වෛරසයේ මූලාරම්භය පිළිබඳ “කරදර” නොවන්නැයි කරන ඉල්ලීම් කනස්සල්ලට කරුණක්. මක්නිසාදයත් ඒ තුළින් පැහැදිලි වන්නේ මානව වර්ගයා කෙරෙහි චීනය කොතරම් වගකීම් විරහිත ද යන්නයි.

ප්‍රධාන වශයෙන් පැතිරීම පාලනයට සහ ප්‍රතිකාර සඳහා ඕනෑම රෝගයක මූලාරම්භය පිළිබඳ නිසි විශ්ලේෂණයක් අවශ්‍ය වනවා. ඒ නිසා ලොව පුරා මිලියන 4.5 ක් බිලිගත් කොරෝනා වෛරසය, චීන යුවාන් මත යැපෙන තුන්වන ලෝකයේ රටවලට තමන් ගැලවුම්කාරයෙක් ලෙස හඳුන්වා දෙන චීනයේ එවැනි ප්‍රකාශ මත බැහැර කර දැමීමේ හැකියාවක් නැහැ.

කොවිඩ් – 19 මූලාරම්භය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට විද්‍යාගාරයකින් නිකුත් වූ බව කියන න්‍යාය ඇතුළත් කිරීමට චීන පර්යේෂකයන්ට අවශ්‍ය නොවන බව පසුගිය අගෝස්තු 13 වනදා හෙළි වුණා.

ඒ සඳහා බලපෑම් කෙරුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයකු ඩෙන්මාර්ක රූපවාහිනි නාලිකාවකට පවසා තිබුණා.

කොවිඩ් මූලාරම්භය වූහාන් විද්‍යාගාරයට සම්බන්ධ කිරීමට චීන සගයන් මැලි වූ බවත් එම උපකල්පනය තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය නිශ්චිත අධ්‍යයනයන් හෙළි නොකිරීමේ කොන්දේසි මත එය වාර්තාවට ඇතුළත් කිරීමට චීනය එකඟ වූ බව වෛරසයේ මූලාරම්භය පිළිබඳ පරීක්ෂණ කළ ලෝක සෞඛ්‍ය සංවිධානය කණ්ඩායමේ සාමාජික Peter Ben Embarek, ඩෙන්මාර්ක රූපවාහිනී නාලිකාවක් සමඟ පවසා තිබුණා. වෛරසයේ මූලාරම්භය පිළිබඳ ලෝකය නිශ්චිත පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින අතරේ චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ඇත්තේ කඹ ඇදිල්ලක්.

දේශපාලන ලුහුබැඳීමක් හැර වෙනත් කිසිවක් නොවන බව පවසමින් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබඳ යළි පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව චීනය ප්‍රතික්ෂේප කළා.

විවිධ අල්ලස් ලබා දෙමින් චීනය සිය මිත්‍ර රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට ක්‍රියා කරමින් සිටිනවා. එමෙන්ම චීනය මාධ්‍ය ආයතන කිහිපයක් යොදා ගනිමින් සිය මතය ලෝ පුරා ලොව පුරා ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජිං පින්ග් සහ ඔහුගේ අනුගාමිකයන් චීනයට එල්ල වන දැවැන්ත චෝදනාවලට එරෙහිව සියලුම ආකාරයේ ප්‍රචාරණයන් යොදා ගනිමින් සිටිනවා.

ස්විස් ජාතික මහාචාර්යවරයෙක් ලිය වූ චීන හිතවාදී ලිපියක් පසුගිය දිනවල චීනය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව සංසරණය වුණා. ඇත්ත වශයෙන්ම එය ව්‍යාජ අනන්‍යතාවක් වූ අතර එවන් පුද්ගලයෙක් තම රට තුළ නොමැති බව නොමැති බව ස්විට්සර්ලන්ත රජයද පසුව ප්‍රකාශ කළා. ඇමරිකාව කොවිඩ් – 19 දේශපාලනීකරණය කරන බවට චෝදනා කිරීම සඳහා චීන මාධ්‍ය පවා විල්සන් එඩ්වර්ඩ් නම් එම ස්විස් ජීව විද්‍යාඥයාගේ ලිපියේ කොටස් උපුටා දැක්වූවා.

පසුගිය ජූලි 24 වන දා විල්සන් එඩ්වඩ් නැමැත්තා ෆේස්බුක් සටහනක් තබමින් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ කණ්ඩායම තුළ සිටිමින් ඇමෙරිකාව එම පරීක්ෂණ දේශපාලනීකරණය කිරීමට ගත් උත්සාහයන් පිළිබඳ තමන් තොරතුරු දන්නා බවයි.

ඇමරිකාව සහ ඇතැම් මාධ්‍ය ආයතන වලින් දරාගත නොහැකි තරම් පීඩනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ කණ්ඩායම වෙත එල්ල වූ බව “ව්‍යාජ එඩ්වඩ්” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෙළි නොකරන ලද මූලාශ්‍ර උපුටා දක්වමින් පවසා තිබුණා.

එම ෆේස්බුක් සටහන උපුටා දක්වමින් The People’s Daily, Global Times ඇතුලු චීනයේ රාජ්‍ය මාධ්‍ය ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව උඩුයටි කිරි කිරීමට බලපෑම් කරන බවට ප්‍රබල මතයක් ගොඩ නැංවීමට ක්‍රියා කළා. China Daily සහ CGTN වැනි මාධ්‍ය විවිධ භාෂාවන්ගෙන් ඒ පිළිබඳ වාර්තා කළා.

මේ ගැන අවධානය යොමුකළ ස්විස් රජය සිය පුරවැසි දත්ත සහ අධ්‍යාපනික ප්‍රකාශන පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව ට්ව්ටර් සටහනක් තබමින් පැවසුවේ චීන මාධ්‍ය උපුටා දක්වන “විල්සන් එඩ්වර්ඩ්” නම් ජීව විද්‍යාඥයා සොයන බවයි. එමෙන්ම එවැනි කෙනෙක් සිටින්නේ නම් ඔහු හමු වීමට කැමැත්තෙන් පසුවන බවත් එහි දැක්වුණා. එමෙන්ම මේවා ව්‍යාජ පුවත් බවත් ඒ සම්බන්ධ වාර්තා ඉවත් කරගන්නා ලෙස චීන මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් ස්විස් රජය නිවේදනය කළා.

එම නිවේදනයත් සමග Global Times, CGTN ඇතුලු චීන මාධ්‍ය විල්සන් එඩ්වර්ඩ් උපුටා දක්වමින් පළ කළ වාර්තා සියල්ල අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ අතර එම සටහන පමණක් තිබූ එදිනම නිර්මාණය කර තිබූ විල්සන් එඩ්වර්ඩ්ගේ ෆේස්බුක් ගිණුමද මකා දමා තිබුණා.

එමෙන්ම මාස හතකට ආසන්න කාලයක් Associated Press (AP) සහ ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලය හා අනුබද්ධ ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල විද්‍යායතනය එක්ව කළ දුෂ්කර පර්යේෂණයකින් අනාවරණය වූයේ ට්විටර් අවකාශය තුළ චීනයේ නැඟීම, ව්‍යාජ ගිණුම් හරහා පළ කරන සටහන් චීන රාජතාන්ත්‍රිකයන් සහ මාධ්‍ය නැවත නැවත පළ කිරීමෙන් සිදු කළ දැවැන්ත චීන හිතවාදී ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවයි.

ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ (ASPI) ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක විශ්ලේෂක ජේකොබ් වොලිස් සහ ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) හිටපු ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව විසින් ට්විටර් දත්ත උපයෝගී කරගනිමින් චීනය තොරතුරු මෙහෙයුම සිදු කරන ආකාරය පැහැදිලි කර තිබෙනවා. වොලිස් – හත්තොටුව කණ්ඩායම 2018 ජනවාරි සිට 2020 අප්‍රේල් දක්වා කාලයට අදාළ අදාළව ට්විටර් ගිණුම් 23,750ක සටහන් 348,608ක් විශ්ලේෂණයේදී එම සටහන් ව්‍යාජ ඒවා බව අනාවරණය කරගෙන තිබෙනවා. දුස්තොරතුරු ප්‍රවර්ධනය කෙරෙන එම ගිණුම් අත්හිටුවීමට ට්විටර් සමාගම කටයුතු කළේ ඒ අනුවයි.
චීන හිතවාදී ප්‍රචාරක කටයුතු සඳහා ව්‍යාජ ගිණුම් ඔස්සේ චීනය ගත් වෙහෙසකර උත්සාහයන් ලොව හමුවේ මේවන විට නිරාවරණය වී අවසන්. ඒ වෙනුවට ලොවම වෙළාගත් කොවිඩ් – 19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ කරුණු හෙළි කිරීමට ඔවුන්ගේ වටිනා කාලය දැන් යෙදවීමට හැකියි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...