24 C
Colombo
Tuesday, March 21, 2023

චීනය ඩ්‍රෝන් බලකා තවදුරටත් වර්ධනය කරයි

- Advertisement -

චීනයේ බුද්ධි තොරතුරු රැස්කිරීමේ ජාලයට සම්බන්ධ නවතම මිනිසුන් රහිත යානය එහි පළමු ගුවන් ගමන සිදු කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ Aviation Industry Corporation විසින් වැඩි දියුණු කරන ලද සැහැල්ලු හෙලිකොප්ටරයක් වන AR-500CJ යානය, සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීම වැනි මිලිටරි සහ සිවිල් මෙහෙයුම් සඳහා භාවිතා කළ හැකි බව පැවසේ.

චීනයේ නාවික යාත්‍රා සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති AR-500CJ කාර්ය මණ්ඩල රහිත ගුවන් යානා පද්ධතියේ පළමු ගුවන් ගමන චීනයේ නැඟෙනහිර ජියෑන්ග්ෂි පළාතේදී සාර්ථකව සිදු කර ඇති බව සදහන් වේ.

එය ක්‍රියාකාරී සහ කාර්ය සාධන පරීක්ෂණ පියාසැරිවලට භාජනය කිරීමට නියමිත වන අතර 2023 දී තාක්ෂණික ඇගයීමක් සිදු කිරීමට නියමිතයි.

හෙලිකොප්ටර් ඩ්‍රෝන යානයට අමතරව, චීනය විසින් Zhu Hai Yun නම් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන් මව් නෞකාව ද නිමවා තිබේ.

මීටර් 88 ක් දිග, මීටර් 14 ක් පළල සහ මීටර් 6 ක් ගැඹුරින් ස්වාධීනව ක්‍රියා කළ හැකි Zhu Hai Yun, මිනිසුන් රහිත යාත්‍රාවක් දුරස්ථව හෝ ස්වයංක්‍රීයව විවෘත ජලයේ ගමන් කිරීම පාලනය කළ හැකි අතර ඉලක්ක නිරීක්ෂණය කිරීමේ ජාලයකින් ද සමන්විතය.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.