33 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය නේපාලය සමග ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා

- Advertisement -

චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය නේපාලය සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම නැවත ආරම්භ කිරීමට ප්‍රධාන බාධාවක් වී ඇති අතර, දේශසීමා වසා දැමීම් හේතුවෙන් ලොව දෙවන ප්‍රධාන ආර්ථිකයට හිමිකම් කියන චීනයට නේපාල අපනයනවල තියුණු පහත වැටීමක් සිදු වී ඇති බව වාර්තා වේ.

පසුගිය වසර පුරා ලෝකයේ බොහෝ ප්‍රමාණයක් නැවත විවෘත කර තිබියදීත් චීනය සිය දේශසීමා දැඩි ලෙස මුද්‍රා තබා ඇති අතර එමගින් වෙළඳුන්ට පාඩු සිදු වී ඇති බව එරට වාර්තා කියයි.

රාසුවගාඩි-ගිරොන් සහ ටටොපානි-සාන්ග්මු හි ප්‍රධාන හරස් මාර්ග දෙක ඇතුළුව චීනය සමඟ නේපාලයේ කිලෝමීටර් 1,389ක් දිග දේශසීමාව පසුගිය වසර දෙක තුළ රටේ අපනයනකරුවන්ට වසා දමා ඇති බව සදහන් වේ.

නේපාලයේ අපනයන බොහෝමයක් ඉන්දියාව විසින් ලබාගන්නා බැවින් චීන වෙළඳපොළ තීරණාත්මක ලෙස නොසැලකේ.

නමුත් දේශසීමා සීමාවන් ද්විපාර්ශ්වික වෙළඳාමට දැඩි ලෙස බාධා කර, ව්‍යාපාරික අවිනිශ්චිතතාවයට හේතු වී ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සඳහා දේශසීමා වාණිජ්‍යය මත යැපෙන ස්වදේශික ප්‍රජාවන්ට සහ ගොවීන්ට බලපෑම් ඇති කර ඇති බව විශේෂඥයෝ පවසති.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...