27.9 C
Colombo
Saturday, April 27, 2024

අර්බුදයෙන් මිදීමට පාකිස්තානයට චීනයෙන් ඩොලර් බිලියන 2.3 ක ණයක්

- Advertisement -

රටේ මුදල් සංචිත අඩුවීම සහ විදේශ ගෙවීම් අර්බුදයෙන් මිදීම සඳහා චීන රාජ්‍ය බැංකු සමූහයක් පාකිස්තානයට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් අනුමත කර ඇති බව එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසා තිබේ.

චීන බැංකු සහ පාකිස්තානය අතර මීට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය පහසුකම් ගිවිසුමක් අත්සන් කර තිබු බවත් ණය ගිවිසුම යටතේ දින කිහිපයකින් මුදල් ලැබෙනු ඇති අපේක්ෂා කරන බව මිෆ්තා ඉස්මයිල් පවසා ඇති බව පාකිස්තානයේ මාධය වාර්තා කර ඇත.

පාකිස්තාන පාර්ශ්වයෙන් ඊට අත්සන් කිරීමෙන් පසු චීන බැංකු සමූහය RMB බිලියන 15 (ඩොලර් බිලියන 2.3) ණය පහසුකම් ගිවිසුමට අත්සන් කර ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර චීන බැංකු එකමුතුව ණය පහසුකම් ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ට, විදේශ අමාත්‍යවරයාට සහ චීන ජනතාවට කෘතඥ වන බව පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ සර්දාරි පවසා තිබේ.

පාකිස්තානය ගැඹුරු මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර, පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා පවතින අතරතුර මෙම වර්ධනය සිදු වී ඇත.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...