30.2 C
Colombo
Friday, April 26, 2024

චීනයේ කෝටි ගණනක බදු වංචාවක් ඉතාලි පොලිස් දැලේ

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂය සාපරාධී සංවිධාන කිහිපයක් සමඟ ඩොලර් බිලියන ගණනින් මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන බවට ඉතාලි බදු පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇති බව වාර්තා වේ.

ඉතාලියේ Bitter Winter පුවත් සේවය් වාර්තා කර ඇති ආකාරයට Guadia di Finanza, පොලිස් බලකාය බ්‍රේසියා හි ව්‍යාපාරික කටයුතුවල නිරත අඹුසැමි යුවලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මීට අදාළ සාක්ෂි අනාවරණය කර ගෙන ඇත.

මෙම යුවළ විසින් කිසි දිනෙක ඉතාලියට ගෙන්වා නොමැති ලෝහ මිශ්‍ර නිෂ්පාදන සඳහා ගෙවීම් ලෙස යුරෝ මිලියන 4.5 ක් ස්ලෝවේනියාවට සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවලට යවා ඇතැයි කියනු ලැබේ.

පොලිසිය ඔවුන්ගේ ගෙවත්තේ කළ කැනීම්වලදී වල දමා තිබූ යූරෝ මිලියන 11ක මුදල් සොයා ගෙන තිබේ. මෙම මුදල් සියල්ල චීනයෙන් පැමිණ ඇති බව Bitter Winter වාර්තා කරයි.

මෙය Silk Road නමින් හැඳින්වෙන විමර්ශනය යටතේ අනාවරණය කර ගත්තකි.

ඉතාලියේ වෙසෙන චීන ජාතිකයන් නීත්‍යානුකූලව මුදල් මාරු කිරීම යුරෝ බිලියන 5 සිට යුරෝ මිලියන 9 දක්වා අඩු වීම සම්බන්ධයෙන් සැලකිලිමත් වූ ඉතාලි බලධාරීන් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළේදී චීනයට යන සංචාරකයින්ගේ ගමන් මලුවල සඟවා තිබූ යුරෝ මිලියන 37ක් වටිනා මුදල් සොයාගෙන ඇත.

එපමණක් නොව, මුදල් වෙනුවට චීනයට ප්‍රවාහනය කිරීමට පහසුවන ලෙස රත්‍රං ලබා දුන් ටස්කනි හි ස්වර්ණාභරණ වෙළෙන්දෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...