30.2 C
Colombo
Saturday, April 27, 2024

කොරෝනා සහන වංචා කිරීමට තැත්කළ අයෙකුට සිව්වසරක සිර දඩුවම්

- Advertisement -

විපතට පත් ව්‍යාපාර ගලවා ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන ෆෙඩරල් කොවිඩ් 19 වෛරස සහන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක් වංචනික ලෙස ලබා ගැනීමට උත්සාහ කළ චීන ජාතිකයෙකුට බ්‍රහස්පතින්දා එක්සත් ජනපද අධිකරණයකින් වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු රිචඩ් එම්. බර්මන් නිව්යෝර්ක් හි පැවති නඩු විභාගයකදී මෙසේ වසර 4 කුත් මාස 4 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මුගේ මා (Muge Ma) නම් සැකකරුට එරෙහිවයි.

ජාතික හදිසි අවස්ථාවකදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා පැවති රජයේ වැඩසටහන් අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව අන් අයට අනතුරු ඇඟවීමේ අවශ්‍යතාවය හා අපරාධයේ බරපතලකම සලකා සිරදඬුවම් නියම කළ බව විනිසුරුවරයා නඩු විභාගය අතරතුර දී පැවසීය.

38 හැවිරිදි මා, 2020 මැයි මාසයේදී ෆෙඩරල් බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, වැටුප් ආරක්ෂණ වැඩසටහන සහ ආර්ථික අනතුරු ආපදා ණය වැඩසටහනෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට වඩා ලබා ගැනීම සඳහා අවම වශයෙන් බැංකු පහකට අයදුම් කර ඇතැයි හෙළිදරව් විය.

එම වැඩසටහන් දෙකම සැලසුම් කර ඇත්තේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් වසා දැමීම්වලින් හානියට පත් ව්‍යාපාර ගලවා ගැනීම සඳහායි.

ඔහු විසින් පාලනය කරන ලද සමාගම් දෙකක් හරහා සියගණනක් සේවකයන්ට ඩොලර් මිලියන ගණනක වැටුප් ගෙවන බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර මෙම පුද්ගලයා අදාළ වංචාවන් සිදුකර ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...