29.4 C
Colombo
Wednesday, May 8, 2024

18 වෙනකන්වත් රට වහන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (VIDEO)

- Advertisement -

දැනට මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳි‍රි නීතිය මේ මස 18වනදා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටිනවා.

පවතින සංචරණ සීමාවන් 13වනදායින් අවසන් වීමට නියමිත නමුත්, එන්නත්කරණය අතරතුර කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා මෙසේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම උචිත බවයි ඇය පවසන්නේ.

සංචරණ සීමා මගින්ම කොවිඩ් පාලනය නොවන නමුත් එන්නත්කරණය හරහා ලබා ගැණීමට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට එය උපකාරී වනු ඇති බව ඇය පෙන්වා දෙනවා.

දැඩි නීතීරීති හරහා කොවිඩ් වසංගතය පාලනය කිරීමට ගතවන කාලය අවම කරගැනීමට හැකිවනු ඇති බවත් නොඑසේ නම් මෙරට සමස්ථ ජනගහනයටම ශීඝ්‍රයෙන් වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවත් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කර සිටිනවා.

මේ අතර, ඊයේ (05) දිනයේත් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3,308ක් වාර්තා වුණා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළ යනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...