27.8 C
Colombo
Friday, April 26, 2024

හමුදාවට ෆයිසර් එන්නත දීම ගැන වෛද්‍ය සංගමයෙන් පැමිණිල්ලක්

- Advertisement -

විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට නිසි ක්‍රමවේදයෙන් බැහැරව යුදහමුදාව හරහා ෆයිසර් එන්නත් ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එන්නත්කරණය සිදුකිරීමට සුදුසුම ස්ථානය රෝහල් පද්ධතිය බවත් විවිධ උයන් වැනි ස්ථාන වල එන්නත්කරණය සිදු කිරීම අනුචිත බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දෙනවා.

වර්තමානය වන විට, රෝහල් සඳහා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා සුළු ප්‍රමාණයක් නිකුත් කෙරෙන අතර යුද හමුදාවට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව එන්නත් සැපයීම සිදු කරන බවයි ඔහු පවසන්නේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එන්නත්කරණ ක්‍රියාවලියට සමගාමීව රෝහල් පද්ධතියද ඊට අනුබද්ධ කිරීම හරහා එන්නත් මාත්‍රා ලක්ෂ 5 සීමාව ඉක්මවා දෛනිකව ලබා දිය හැකි බව ක්‍රියාවෙන් සනාථ කර ඇති බවත් රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්නත් මධ්‍යස්ථාන වෙත එන්නත් සුළු වශයෙන් නිකුත් කිරීම නිසා මේ වන විට එම මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇතිවී ඇති වී ඒ හේතුවෙන් ජනතාව දැඩි අවදානමකට ලක්ව ඇති බවත් වෛද්‍යවරයා පවසනවා.

මෙරට පමණක් නොව ලෝකය පුරා කීර්තියක් අත්කරගෙන ඇති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සහ එන්නත්කරණ වැඩසටහන අපකීර්තියට පත් කරමින් සහ ජනතාව අපහසුතාවයට හා අවදානමට ලක් කරමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද පැමිණිලි කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...