30 C
Colombo
Thursday, May 2, 2024

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

- Advertisement -

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි රියදුරු හා රිය සහායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව ඇටම්පිටිය පොලීසිය පවසනවා.

පොලිසිය සදහන් කළේ, එහි රියදුරු අසුනේම යකඩ වලට සිරවී සිටියදී පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව මහත් පරිස්සමයක් දරා පැයක පමණ මෙහෙයුමකින් බේරාගෙන රෝහල් ගත කළ බවයි.

මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසී ඇති අතර, ගමනාගමනය සඳහා එක් මං තීරුවක් විවෘත කළ බවද පොලිසිය පවසනවා.

කන්ටේනර් රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම මෙම අනතුරට හේතුවන්නට ඇති බවත් පොලිසිය සැක පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...