30.2 C
Colombo
Friday, April 26, 2024

විදුලි ගාස්තු වැඩිකලොත් දිගටම විදුලිය දෙන්නම් – ලංකා විදුලිබල මණ්ඩලය

- Advertisement -

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩ විදුලිය ලබා දීමට නම් එම පිරිවැය සපයා ගැනීමට අවශ්‍ය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකොන් මහතා පවසනවා.

ඒ වන තෙක් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගිය 25 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒකමතිකව තීරණයකට පැමිණියේ විදුලි කප්පාදු නොකිරීමටයි.

එය උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි මස 17 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට ඒකමතකිව තීරණය කළ අතර එය විධානයක් ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලබාදුන් විධාන කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (26) දිනයේ ද විදුලි කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...