31 C
Colombo
Sunday, May 22, 2022

ආණ්ඩුවෙන් කොරෝනා! උද්ඝෝෂකයන්ගේ ජීවිත අනතුරේ

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන අයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

පොදු දේපළවලට හානි කළැයි චෝදනා කරමින් මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ මේ මස (අගෝස්තු) මුල් සතියේ දී ය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිරෝධායන ක්‍රියාවලියකට ද ලක් වූ මේ පිරිසට ඒ අනුව කොරෝනා ආසාදනය වී තිබෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ දී බව පැහැදිලි ය.

උද්ඝෝෂණ හරහා කොවිඩ් බෝවෙන බවට චෝදනා කළ ආණ්ඩුව උද්ඝෝෂකයන් බන්ධනාගාරගත කර සංවිධානාත්මකව කොරෝනා බෝ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ මාධ්‍ය හමුවේ චෝදනා ක‍ළේය.

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ රඳවාගෙන සිටි චමීර ඇතුළු පිරිස මේ වන විට යාපනයේ ඉයක්කච්චි නම් ප්‍රදේශයේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් මේ රෝගීන් සමඟ කිසිදු බාහිර පාර්ශ්වයකට ගනුදෙනු කළ නොහැකි අතර මේ අයගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව සමාජ මාධ්‍ය හරහා හඬක් නැගෙමින් තිබේ.

කොවිඩ් වසංගත සන්දර්භය යනු, සාමාන්‍ය කාලවානුවකදී මෙන් නොව, බොහෝ සීමාකම් සහිත කාලයකි. හැරත් යමෙකු බන්ධනාගාරගතව සිටින්නේ නම් ඔහුට එයටත් වඩා සීමාකම් පැනවේ. කොවිඩ් ආසාදිතයෙක් යැ යි කී පසු, බොහෝ දෙනෙකු ආසන්නයට පවා නොපැමිණේ.

මළ පසු ආදාහනය දක්වා කිසිවෙකුට යමක් සොයා බැලීමට නොහැකිය. ආදාහනාගාරගත කොට අළු සුළඟට මුසු වී යෑම දක්වා බලය ඇත්තේ ආණ්ඩුවට ය.

බන්ධනාගාරගත කෙරුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් වන වගකීම අරභයා ශ්‍රී ලංකා රාජ්‍යය පූර්වයෙහි පෙන්වා තිබෙන්නේ අතිශය නරක පූර්වාදර්ශයන් බැවින් තම විරුද්ධවාදීන්ගේ ජීවිත සම්බන්ධයෙන් මෙලෙස බරපතළ ලෙස මැදිහත්වීමට ආණ්ඩුවට ලැබී තිබෙන අවස්ථාව ගැන ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, නීතියේ ආධිපත්‍යය ඉහළින් අගයන මිනිසුන් වඩා බලපෑම්සහගත ලෙස මැදිහත් විය යුතු බව අපගේ හැඟීමයි.

– සඳුන් ප්‍රියංකර විතානගේ –

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...