28.9 C
Colombo
Saturday, April 27, 2024

කොවිඩ් නිසා ශ්‍රී ලංකා – ඉන්දීය තරඟාවලියේ දින වෙනස්වෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය කල් දැමෙනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන්.

මෙලෙස කොවිඩ්19 ආසාදිත බව තහවුරු වූයේ පිතිකරණ පුහුණුකරු, ග්‍රාන්ට් ෆලවර්ට සහ කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂනයි.

ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්⁣ටා ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙ⁣දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන්.

මෙම තත්ත්වය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර දින දෙකක් නිරෝධායන⁣යට ලක්වීමට සිදුවනු ඇති.

එංගලන්ත සංචාරය නිමවා මෙරටට පැමිණි කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව අවසන් වීමට නියමිතව තිබුණේ හෙටයි.

ඒ අනුව ඉන්දීය තරඟාවලිය සඳහා වන ජෛව ආරක්ෂණ බුබුලට කණ්ඩායමට ඇතුලත් වීමට නියමිත වුවද ඔවුන්ට නැවතත් PCR පරීක්ෂණයකට භාජනය වීම⁣ට සිදුවනු ඇති.

මෙම තත්ත්වය යටතේ ලබන 13වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය ජූලි 17 වනදා ආරම්භ වීමට නියමිතයි.

දෙවන හා තෙවන තරඟ පිලිවෙලින් ජූලි 19 සහ 21වනදා පැවැත්වෙනු ඇති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය ජූලි 24 වනදා ආරම්භ වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...