කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලට මළ සිරුරු රඳවා තැබිය හැකි, සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
දෙසැම්බර් 21 දින අදාල ලිපිය යොමු කර ඇත.
එහි දැක්වෙන්නේ, කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව එම ලිපිය යොමු කර ඇත.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම දෙසැම්බර් 21 දින ආරම්භ කර ඇති බව වාර්තා වේ.