තවත් කොවිඩ් මරණ 46 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව එක් දිනකදී තහවුරු කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
එම මරණ අතුරින් වැඩිම මරණ සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම විශේෂත්වයක්.
පසුගිය දින කිහිපයෙහි කොවිඩ් මරණ විස්තර ලබා නොදුන්නද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යළිත් වරක් මරණ සවිස්තරාත්මකව වාර්තා කර තිබෙනවා.
එම මරණ සංඛ්‍යාවද සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1178 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.




