බිබිල – මැදගම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණ 54ක් අතුරින් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මැදගම නගරයේ සියලු වෙළෙඳසැල් ඊයේ (18) තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණා.
එමෙන්ම බණ්ඩාරවෙල – කිනිගම ප්‍රදේශයේ පාසල් ළමුන් නවාතැන් ගන්නා නවාතැන්පොළක හිමිකාරියට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහුවරු වීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් එම නවාතැන්පොළේ සිටි පාසල් ළමුන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා.
මේ අතර වැලිමඩ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මඟින් වැලිමඩ මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.
ඒ අනුව වැලිමඩ මුස්ලිම් විද්‍යාලය අද (19) තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගැනුණා.