මෙරට සිටින ප්‍රවීන ගායන ශිල්පියෙක් වන නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඒ මහතා නිවේදනය කරනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
තම සටහනෙන් නෙල්සන් මහතා ඉල්ලා සිටින්නේ පසුගිය දින කිහිපය තුළ තමන් හමුවූ සියලුම දෙනා නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි.