27 C
Colombo
Sunday, March 26, 2023

කොවිඞ් එන්නත්වලින් ජගත් කොල්ලයක්..

- Advertisement -


ලෝක ජනගහණයෙන් 14% ක් ජීවත් වන ධනපති රාජ්‍ය කොරෝනා මැඩලීමට නිපද වූ එන්නත්වලින් 53% ක් සිය වැසියන් සඳහා මේ වනවිටත් ඇණවුම් කර ඇතැයි ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් ඇතුඵ ජගත් සංවිධාන රැසක්ම චෝදනා කරයි.


මෙය සාර්ථක වන එන්නත්වලින් සාධාරණ පංගුවක් දුප්පත් රාජ්‍යවලට පිරිනමන බවට ගෝලීය ප්‍රබලයන් හා සංවිධාන කළ ප්‍රකාශවලට මුඵමනින්ම පටහැනි තත්ත්වයක් යැයි ඔවුහු පවසති.


ඇමිනෙස්ට් ඉන්ටනැෂනල්, ඔක්ස්ෆෑම් හා ග්ලෝබල් ජස්ටිස් නව් සංවිධාන ඒකාබද්ධව පිහිටුවා ගත් පීපල්ස් වැක්සීන් අලායන්ස් (පී.වී.ඒ) පවසන්නේ මෙම තත්ත්වය අනුව දුප්පත් රාජ්‍ය 70 ක ජනයාගෙන් 10% ක පමණ පිරිසකට පමණක් මෙම එන්නත්කරණය සීමා වනු ඇති බවයි.


පී.වී.ඒ සංවිධානය අවධාරණය කරන්නේ මෙම තත්ත්වය වැලැක්වීමට නම් ලෝ ප්‍රකට ඖෂධ සමාගම් සිය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමේ පියවරකට යා යුතු බවයි.


පොදුවේ ගත් කළ ධනවත් රාජ්‍ය සියල්ලම පාහේ දැනට ඇණවුම් කළ හැකි එන්නත් සිය වැසියන්ට අඩුම තරමින් 5 වරක් භාවිත කිරීම සඳහා ඇණවුම් කර අවසන් යැයි ද කැනඩාව පමණක් සිය වැසියන්ට තුන් වරක් භාවිතය සඳහා එන්නත් ඇණවුම් කර ඇතැයි ද පී.වී.ඒ සඳහන් කරයි.


එහෙත් කොවිඞ් 19 එන්නත් ගෝලීයව ප්‍රවේශ පහසුකම් සැපයීම හෙවත් කොවැක්ස් එකමුතුව මීට පෙර පැවසුවේ අඩු ආදායම්ලාභී රාජ්‍ය 92 කට එන්නත් මිලියන 700 ක් ලබා දෙනු ඇති බවය.  

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...