33 C
Colombo
Thursday, March 28, 2024

දොඩම්පහළ මහනාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය අද (14) පස්වරුවේ පැවැත්වුණි.

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා මහනායක හිමියන්ට සන්නස් පත්‍රය ද අගමැතිවරයා උන්වහන්සේට විජිනි පත ද පිළිගැන්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්වී සිටි අතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ද ජනාධිපති අතින් විවෘත කෙරුණි.

නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විණි.

නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහනායක හිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැපකිරීමට බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වන බවත් අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශ දේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කළ බවත් උන්වහන්සේ මහනායක පදවියට පත්වන්නේ අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරෙහි විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙන් බවත් උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලදි.

2004 ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදුවූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් ලබාදුන් සහය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතුවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන ලදි.

වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා දොඩම්පහල නාහිමියන්ගෙන් නොඅඩුව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමි,

“එක භික්ෂූන් වහන්සේ නමකට ප්‍රශ්නයක් වූණාම මුළු භික්ෂු පරම්පරාවටම චෝදනා කරන රටක් බවට මේ රට පත්වෙලා තියෙනවා. ඒ නිසා තෛනිකායික මහා සංඝරත්නය එකරාශී වී සිටින මේ අවස්ථාවේ මං කියනවා, තුන් නිකායම එකරාශ්‍රීවෙලා ඒ වගේ ප්‍රශ්නයක් ගැටළුවක් ඇති වුණාම ඒවා විසඳගෙන ශාසනයේ ගෞරවය රැකගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම උත්සාහ කරන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...