24 C
Colombo
Sunday, December 10, 2023

සමාජ මාධ්‍යයේ දැමු පින්තූරයක් ගැන අහන්න චම්පිකගේ හිටපු මාධ්‍ය ලේකම්ව CID යට කැදවයි

- Advertisement -

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායකට තම මුහුණු පොතේ පලකළ ඡායාරැපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අද (17) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

ඔහුව එසේ කැඳවා ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ අමාත්‍ය චන්ද්‍රසේන සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය. ධනුෂ්ක රාමනායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ හිටපු මාධ්‍ය ලේකම්වරයාය.

 එම දැනුම්දීම සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුමේ සටහනක් පළකරමින් මෙසේ පවසා ඇත.

‘එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් සඳහන් කර තිබේ. මෑතකදී පටන් ජනාධිපතිවරයා සහ වර්තමාන ආණ්ඩුවට එල්ල වෙමින් පවතින මහජන විරෝධය පාඨලී චම්පික රණවක, තමා සහ තමාගේ හිතවතුන් විසින් කෘතීමව නිර්මාණය කරන ලද “මඩ කැම්පේන්” එකක් ය යනුවෙන් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් මතයක් ජනගත කරමින් සිටින බව පවසන ධනුෂ්ක රාමනායක, රටේ අපරාධමය නිමිත්තක් සහිත කරුණු රාශියක් තිබියදී රාජපක්ෂ පවුලේ සාමජිකයින්ගේ දිනපතා චර්‍යාවන්ට එල්ල වන මහජන විරෝධයන් යටපත් කිරීම සදහා සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කෙරෙහි බලවත් කනස්සල්ල පළකර සිටියි.’

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...