29 C
Colombo
Thursday, July 17, 2025

දේශබන්දු අපිව නිරුවත් කරලා ලිංගේන්ද්‍රයට පහරදීලා සිද්ධාලේප ගාගන්න කිව්වා

- Advertisement -

පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම හේතුවෙන් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තවත් අපූරු තැන් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.

මිල්ලව රංජිත් සුමංගල නැමැති යුද හමුදා සෙබලෙකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඒ අනුව මිරිහාන පොලීසියේ කණ්ඩායමක් විසින් තමන් ඇතුළු සිවු දෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂිකව පහරදී හිරිහැර සිදුකළ බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ප්‍රකාශ කළා.

එහිදී මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරී බණ්ඩාර, හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, එවකට එම ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අජිත් වනසුන්දර යන අය 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ත්‍රීවීල් රථයකින් පැමිණ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ කනත්තක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදී හමුදාවෙන් රැගෙන ආ ආයුධ සම්බන්ධයෙනුත් විවිධ සොරකම් සම්බන්ධයෙනුත් ප්‍රශ්න කරමින් හමුදා සෙබලාගේ හිසට මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් බහා හුස්ම ගන්නා ලෙස කියමින් පහරදුන් බව දිවුරුම් පෙත්සමෙහි සදහන්.

ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගෙන ඇති අතර අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවද අධිකරණය ඉදිරියේ අනාවරණය වුණා.

පසුව මෙම පුද්ගලයාව මිරිහාන පොලිස් ස්ථානයට රැගෙන විත් ඇති අතර එවකට ප්‍රදේශයේ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පෙත්සම්කරුව නිරුවත් කර ත්‍රීරෝද රථ රබර් පටියකින් දිගින් දිගටම පහරදී තිබෙනවා.

පහරදීම නවත්වා සිය ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කරගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇති අතර දැඩි අපහසුවකින් ඔවුන් ඒවා ආලේප කරගෙන ඇති බවයි දිවුරුම් පෙත්සමෙහි සදහන් වන්නේ.

පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා යළිත් ඔවුන්ට පහරදුන් බවත් ඔවුන්ව පැය 2 ක් නිරුවතින් තබන ලෙසත් නිලධාරීන්ට දන්වා එම් ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

නඩුවේ දී ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවත්, ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෛරාජා ප්‍රකාශ කළා.

“මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි.”

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES