30.3 C
Colombo
Friday, April 26, 2024

ඇෆ්ගන් වැසියන් රටින් පිටවීමට මිනිස් ජාවාරම්කරුවන්ගේ සහය පතයි

- Advertisement -

මේ වන විට ඇෆ්ගනිස්ථාන ජනතාව එරටින් පිටවයෑමට ජාත්‍යාන්තරයෙන් උපකාර කළ ගුවන් ගමන් බොහෝමයක් නතරකර දමා ඇති බැවින් ඇෆ්ගන් වැසියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථානයට ලබාදෙන ජාත්‍යාන්තර අරමුදල්ද මේ වන විට නවතා දමා ඇති තත්ත්වයක් තුළ ඇෆ්ගනිස්ථානය දැඩි මානුෂීය අර්බුදයකට ලක්ව ඇති බවත්, ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් යන එන මගක් නොමැතිව මංමුලා වී ඇති බවත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඇෆ්ගන් වැසියන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ

පකිස්තානය සහ ඉරානෙයේ දේශසීමා ආසන්නයේ පවතින නගරයක් වන සරන්ජ් නගරය මේ වන විට ප්‍රධාන මිනිස් ජාවාරම් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු රට හැර යන ඇෆ්ගනිස්ථානුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවට එම නගරයේ ව්‍යාපාරිකයින් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...