25 C
Colombo
Sunday, May 19, 2024

පාඩු ලබද්දිත් ශ්‍රීලංකන් ඉහළම කළමනාකරුවෙකුට රු. මි. 3.1ක වැටුපක් ගෙවලා

- Advertisement -

2021 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674 ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

එම වාර්තාවෙන් තවදුරටත් හෙළිකර තිබෙන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකදී වුවත් ඉහළම කළමනාකරණ නිලධාරියකු සඳහා රුපියල් මිලියන 3.1 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇති බවයි.

අදාල මුදල් ගෙවීම සඳහා අරමුදල් සැපයිම සිදු වී ඇත්තේ, කැබිනට් පත්‍රිකා මගින් සහ මහජන අරමුදල්වලින් වීම පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානයට ලක් වී ඇත.

2020 වසරේදී මහා භාණ්ඩාගාරය මගින් අතිරේක ප්‍රාග්ධනය යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති අතර ආයතනය නිසි පරිදි ප්‍රාග්ධනීකරණය කර තිබුණා නම් මෙවැනි තත්ත්වයටක් උදා නොවන බව කාරක සභාවේ අදහසයි.

පාඩු ලබන ජාතික ගුවන් සේවා සමාගමක් ප්‍රායෝගික නොවන සැලසුම් මත තවදුරටත් මහජන බදු මුදලින් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කාරක සභාව සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...