32 C
Colombo
Saturday, March 25, 2023

දිගු කාලයක් අත් කකුල් හිරිවැටීම භයානක බව ඔබ දන්නවාද ?

- Advertisement -

දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි.
අත්පාද හිරිය නිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳිමින් සිටිනවා.මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ වියහැකියි. හිරිවැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුනහොත් ඔබ අසරණ වන්න පුළුවන්.
හිරිය රෝග ලක්‌ෂණයක්‌ ලෙස දැනුනත් මෙය සමේ දැනීම පිළිබඳව වෙනස්‌වීමක්‌ හෝ දැනීම වැඩිවීමක්‌ ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්. ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි. ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි.
පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ.
✅හිරිවැටීම ඇතිවිය හැකි හේතු කිහිපයක්
🔹අප නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌ නිසාත්
🔹අප නිරතවන වෘත්තිය අනුව මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම
🔹වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙලහි කශේරුකා හා අස්ථි වල සිදුවන වෙනස්‌කම් නිසාත් හිරිවැටීම ඇතිවිය හැකිය.
🔹ආතරයිටිස්‌ වලදී අත්පාද ඇදවීම නිසාත්, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර්කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌, කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒමත්, යන හේතු කාරණා නිසා බොහෝවිට හිරිය ඇතිවීමට පුළුවන්.
මේ සෑම දෙයක්‌ම සුළුවෙන් පටන් අරන් වර්ධනය වීමේදී ඒ හරහා යන ස්‌නායුවලට බලපෑමක්‌ ඇතිවීම මගින් රෝග ලක්‌ෂණයක්‌ ලෙස හිරිය පටන් ගන්නවා. රෝගය වර්ධනය වූ විට හිරිවැටීමත් සමඟම දරාගත නොහැකි වේදනාවත් නිසා බොහෝ ලෙස පීඩා විඳීමට සිදුවෙනවා.
✅අත් වල හිරිවැටීම
බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය (C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත් ( C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත් (C7) – බෙල්ලේ සිට දබර ඇඟිල්ල , මැදඇඟිල්ල දක්‌වාත් හරිය සමඟ වේදනාව ඇතිවිය හැක.මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.
✅පාද වල හිරිවැටීම
කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම (L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස ,(L3- කලවා හා දණහිස දක්‌වාද , (L4- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද , (L5- කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස , ( S1) – කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම ඇතිවිය හැකියි.
✅හිසෙහි හිරිය ඇතිවීමට ගෙල ප්‍රදේශයේ ඇතිවන වෙනස්‌ වීම් , රුධිරය සැපයීමේ දුර්වලතා මෙන්ම මොළයේ හා ඒ අවට ලේ කැටි නිර්මාණය වීගෙන යාම හේතුවිය හැකියි.
ඉහත දැක්‌වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.
🔹විටමින් ඌණතාවය (විටමින් B 1-6)
(සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)
🔹දියවැඩියාව
මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.
මේ හිරිවැටීම අත්වලත් ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.
🔹මත්පැන් පානය
🔹නහර ගැටගැසීම
🔹තයිරොක්‌සින් හොර්මොනයේ අසමතුලිතතාවය
🔹සමහර ගන්නා වූ ඖෂධ වල අතුරු ආබාධ නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.
ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ මේ හිරිවැටීමයි.මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුනහොත් සිදුවන්නේ අධික වේදනාකාරී තත්වයක්‌ ඇතිවීමයි. නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණහොත් ශල්‍යකර්මවලට පවා මුහුණදීමට සිදුවනු ඇත.
ඉහත සඳහන් කළ පරිදි හිරිය / හිරිවැටීම රෝග ලක්‌ෂණයක්‌ වන අතර එය රෝගයක අනතුරු සංඥාව හැඳින්විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ දීර්ග කාලයක් තිස්සේ ඔබ අත්විදින්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා යෝග්‍යවේ.

Kasun Basnayake
BSc.Physiotherapy (Hons)
Dip.Exercise and Sports Sciences
Physiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No : 1066
Physiotherapy Treatments Sri Lanka
අමතන්න : 0719969372

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...