29 C
Colombo
Saturday, July 27, 2024

හෝටලයෙන් එළියට බහින්න එපා..! – සැඟවී සිටින ගෝඨාට උපදෙස්

- Advertisement -

ජූලි 14 වන දා ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනටත්, ඉන් පසුව සිංගප්පූරුවටත් ඉන් පසුව තායිලන්තයටත් පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර ආරක්ෂක හේතු මත එම හෝටලයෙන් බැහැරව නොයන ලෙස එරට පොලිසිය ඔහුට උපදෙස් දී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.

මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කරන්නේ රාජපක්ෂ තවත් පුද්ගලයින් තිදෙනෙකු තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණ ද ආරක්ෂක හේතූන් මත සමග සිංගප්පූරුවේ සිට විශේෂ ගුවන් යානයකින් 11 වැනිදා රාත්‍රී 8.00ට පමණ දොන් මුආන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත පැමිණි බවයි.

බැංකොක් නුවරට පැමිණි පසු තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් ඔහු කැටුව යන ලද බවත් මේ වන විට ඔහු රැඳී සිටින ස්ථානය හෙළි නොකළ හෝටලයේ ආරක්‍ෂාව සඳහා විශේෂ ශාඛා කාර්යාංශයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් බැංකොක් පොස්ට් වාර්තා කරනවා.

තායිලන්තයේ රැඳී සිටින කාල සීමාව තුළ එම හෝටලය තුළ ම රැඳී සිටින ලෙසයි බලධාරීන් මෙරට හිටපු ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...