27.9 C
Colombo
Saturday, April 27, 2024

නාමල් රාජපක්ෂ අහිංසාව රැවටූ හැටි මව්බිම හෙළිකරයි

- Advertisement -

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉරිදා මවුබිම පුවත්පත පල කර තිබෙනවා. අදාල වාර්තාව පහතින්.

“ශ්‍රී ලංකාව දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කනගාටුවටත් කලකිරීමටත් පත්වූහ.”

මීට අමතරව, මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ද සිය කනගාටුව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙලෙස දැරියගේ හෝ ඇයගේ දෙමව්පියන්ගේ අනු දැනුමකින් තොරව බාලවයස්කාර දැරියක් යමෙකුගේ නිවෙසකට රැගෙන යා හැකි දැයි මෙම පුවත සම්බන්ධයෙන් කම්පා වන පාර්ශවයන් ප්‍රශ්න කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...