රජයේ වගකීම දෙස බලාසිටිනවා සේම තමන්ගේ යුතුකමත් ඉටුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට සිහිපත් කර සිටිනවා.
දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය හම්බන්තොට රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ අවස්ථාවේදී ඇතැමුන් බොරදියේ මාළු බාන බවත් එවැනි දේශපාලන කෝන්තර වලට පිළිතුරු දීමට කාලය මිඩංගු නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා
ලොව බොහෝ රටවලට මෙම වසංගතය පාලනය කර ගැනීම අභියෝගයක් වී ඇති අතර දැනට පවතින එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණක් බවයි ඔහු සඳහන් කළේ.
රටක් ලෙස එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් පසුවන අතර එය තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතු බැවින් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ ඒ වෙනුවෙන් බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රටේ සමස්ත ජනතාව පිළිබඳ අවදානය යොමු කිරීමෙන් අනතුරුව ගන්නා ඇතැම් තීන්දු ජනප්‍රිය නොවුන ද එවැනි තීන්දු ගැනීමට සිදුවන බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ කියාසිටියේ.

දැඩි සංචරණ සීමා පැනවීම වැනි තීන්දු සියලුදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීන්දු බව ද ඔහු ප්‍රකාශ කළා.
අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙන් අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනවා මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තම තමන්ට පැවරෙන යුතුකම ද ඉටු කරන්නේ නම් මෙම අභියෝගය ජය ගැනීම අපහසු නොවන බවයි.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින් හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කරනු ලැබුවා.

හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ.
කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක වී ඇත්තේ කාන්තා වාට්ටු සංකීර්ණයේය.
නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බවත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වීැති බවත් වෛද්‍යවරුන් පවසයි.