අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.
ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කර අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර එන්නත් ලබාදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පවසනවා.
