29.4 C
Colombo
Friday, April 26, 2024

දුමින්දට මරණ දඬුවම නියම වුනේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට – ප්‍රේමලාල් සිල්වා

- Advertisement -

තමාගේ පුතාට දඬුවම් නියම කර ඇත්තේ පසුගිය රජයේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් සිල්වා, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇති බව වාර්තා වේ.

එසේ පවසා ඇත්තේ නොවැම්බර් 17 වන දින දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධීපති කොමිසන් සභාවේදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා, දේශපාලනික වශයෙන් පළිගැනීමකට ලක්ව ඇතැයි සඳහන් කරමින්, ඔහුගේ පියා වන ප්‍රේමලාල් සිල්වා ඉකුත් 13 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම පැමිණිල්ලට අදාළව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය ප්‍රේමලාල් සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙම කොමිසන් සභාව ජනාධිපතිවරයා පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩුව සමයේ දේශපාල පළිගැනීම් වලට ලක්වු රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණිලි මේ හරහා භාරගෙන, ඒවා සම්බන්ධයෙන් විමර්ෂනය කිරීමටය. එහෙත් මරණ දඩුවමට නියම වී සිටින දුමින්ද සිල්වා මහතා රාජ්‍ය නිලධාරීයෙක් නොව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පමණි.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමැති රන්ජන් රාමනායක, කොළඹ මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ පද්මිණී රණවක ගුණතිලක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කර ඇත.

RECENT ARTICLES - SINHALA

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...