28.5 C
Colombo
Wednesday, April 24, 2024

නිරෝධායනයට යොමු කළ දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනා නිදහස්

- Advertisement -

විරෝධතාවක නිරතව සිටියදී නිරෝධායන නීති කැඩීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනා නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර පල්ලෙකැලේ සමුපකාර අධ්‍යාපන මධ්‍යස්ථානෙයේ නිරෝධායනයට ලක්කර සිටි දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි, ලන්දගේල නයනා රංගනී, බෙනිල්ඩස් සිල්වා යන පිරිස දින නවයක නිරෝධායන කාලයකින් පසු නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මුලතිව් ගුවන් හමුදා කදවුරේ බලහත්කාරී ලෙස නිරෝධායනයට ලක්කල ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිස තවමත් නිරෝධායනයේ පසුවනවා.


RECENT ARTICLES - SINHALA

අනුර-සජිත් විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල...

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දිලා

එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු...

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...