28.4 C
Colombo
Thursday, April 25, 2024

උද්ඝෝෂණය කලැයි දුමින්ද නාගමුවත් අත්අඩංගුවට

- Advertisement -

නිරෝධායන නීති උල්ලංඝනය කළ බව කියමින්, කොම්පඤ්ඤවීදිය, රාමනායක පාරේ විරෝධතාවක් පැවැත් වු පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 5 දෙනකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් වෙත වැටුප් නොගෙවීම සම්බන්ධව පවතින වෘත්තීය අරගලයට සහය දක්වමින් එහි සේවක පිරිස් විසින් අද (07) පැවැත්වූ විරෝධතාවයකට සහය දක්වමින් සහභාගී වූ දුමින්ද නාගමුව මහතා සමඟ සංජීව බණ්ඩාර, නයනා රංගනී, චන්ද්‍රසිරි ලන්දගේ, බෙනී ද සිල්වා ඇතුළු පස් දෙනාට අමතරව ඉංජිනේරු සංස්ථා සේවකයන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

සියලුම ආකාරයේ විරෝධතාවයන් පැවැත්වීම වලක්වාලමින් පනවනු ලැබූ ‘නිරෝධායන නීතිය’ පිළිබඳව වෘත්තීය සංගම්, දේශපාලන කණ්ඩායම් මෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරීන්ද සිය විරෝධය පළකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...