32 C
Colombo
Wednesday, March 19, 2025

“මම රෙනෝගෙ මල්ලි..!” – දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන

- Advertisement -

ජාතික නිවාස අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථනයෙන් තර්ජනය කළ බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

077-2624202 යන දුරකථන අංකයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා හිරු මාධ්‍ය නාලිකාවේ ප්‍රධනියාගේ සහෝදරයා බවත් අම්බලන්තොට වැලි ජාවාරම සම්බන්ධයෙන් දර්ශන වාර්තා කිරීමෙන් වළකින ලෙසට තමන්ට පැවසූ බවත් සමන්ත හෙට්ටිආරච්චි මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දන්වා ඇති අතර ඊට අදාල හඬපට ද ලබාදී තිබෙනවා.

දුරකථන අංකය සම්බන්ධව පරීක්ෂා කිරීමේදී එය දුමින්ද සිල්වා හට අයත් බව තහවුරු වූ බවයි සමන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

මාධ්‍ය ආයතනයක හිමිකම් කියන තැනැත්තෙකුට සම්බන්ධ අයෙකු ලෙස දුමින්ද සිල්වා විසින් මාධ්‍යවේදියෙකුට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට එල්ලවූ තර්ජනයක් බවත් එය හෙලා දැකිය යුතු අශෝභන ක්‍රියාවක් බවත් අදාල නිවේදනයේ සඳහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...