27.5 C
Colombo
Wednesday, October 4, 2023

වතු වැටුප් වැඩිකිරීමට හාම්පුත්තු විරෝධය පාති

- Advertisement -

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට එරෙහිව කම්කරු කොමසාරිස්වරයාට විරෝධතා රැසක් මේ වනවිට ඉදිරිපත්ව ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

වැවිලිකරුවන්ගේ සංගමය, හාම්පුතුන්ගේ සංගමය සහ කුඩා තේ වතු හිමියන් මෙම විරෝධතාකරුවන් අතර සිටින්නේ යැයි පැවැසේ.

වතුකම්කරු දෛනික වැටුප් රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට පසුගියදා පඩි පාලක සභාව තීරණය කළ අතර මෙම විරෝධතා ඉදිරිපත් කෙරුණේ එය ගැසට් මගින් ප්‍රකාශ කිරීමට පෙර ලබා දුන් අවස්ථාව යටතේය.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය ඊයේ(15) අවසන් වූ අතර අවසන් තීරණයක් ගැනීම සඳහා පඩිපාලක සභාව අනිද්දා(19) රැස්වේ.

RECENT ARTICLES - SINHALA

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...