28.9 C
Colombo
Saturday, April 27, 2024

පරිසරවේදී NGO සල්ලි දීලා මිනිස්සු උසිගන්වනවා – අපි එයාලව හොයාගන්නවා

- Advertisement -

රජය විසින් ජලාශ ඉදිකර, ඒවා අවට ඉඩම් ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් සංවර්ධනය කිරීමට උත්සාහ ගන්නා විට පරිසරවේදී රාජ්‍ය නොවන සංවිධාන මුදල් ලබාදී ඊට එරෙහිව ජනතාව උසිගන්වන බව වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දැදුරුඔය ජලාශය ආශ්‍රිත විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මහින්ද චින්තනයේ තිබිච්ච ඒ ජලාශ වලින් රඹකැන් ඔය ජලාශය අපි හැදුවා අම්පාර දිස්ත්‍රික්කයේ. දැන් එතන ඉඩම් තියෙනවා, ඉඩම් සංවර්ධනය කරන්න ඕනෙ.

එතකොට ආපහු පරිසරයෙන් කියනවා – පරිසරවේදීන් කියන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන. මම දැන් හුඟක් සොයාගෙන තිබෙනවා කවුද මේ රාජ්‍ය නොවන සංවිධාන, කොහෙන්ද මුදල් ලැබෙන්නෙ, එයාලාගෙ පරමාර්ථය මොකක්ද කියන එක ගැන. ඒ අය සල්ලි දීලා උසි ගන්වනවා.

එතකොට වැවක් හදලා ඉඩම් සංවර්ධනය කරන්නෙ නැත්නම්, ඒ ඉඩම් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගන්නෙ නැත්නම් ඒකෙ ඇති වැඩකුත් නෑ”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...