32 C
Colombo
Monday, March 17, 2025

කෝප් කමිටුවෙන් එරාන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ආයතනයන් හී මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සදහා කෝප් කමිටුව පිහිටුවා තිබෙන අතර, එම කමිටුවේ සභාපති ධූරය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ලබා දීමෙන් කෝප් කමිටුව ස්ථාපිත කිරීමේ පරමාර්ථ ඉටු කර ගැනීමට නොහැකි බව සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් මන්ත්‍රීවරයා පවසනවා.

2015 – 2019 යහපාලන සමය තුළ, කෝප් සහ කෝපා යන කමිටු දෙක සදහාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරු ලෙස පත් කරනු ලැබුවා.

කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත් වූ අතර, ඔහු එම ධූරයට පත් වීම විපක්ෂයේ දැඩි විවේචනයට ලක් වුණා.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ලෙස පත් කිරීම මගින්, ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන අපේක්ෂාවන් සරදමකට ලක්වන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වූ අවස්ථාවක විජිත හේරත් ප්‍රකාශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

POPULAR ARTICLES