27 C
Colombo
Friday, May 3, 2024

රංජිත් බණ්ඩාර යළිත් කෝප් කමිටුවට

- Advertisement -

නමවන පාර්ලිමේන්තුවේ 5 වන සනා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සදහා පසුගිය රැස්වීමක දී හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් කතා බහට ලක් වූ හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙවර කෝප් කමිටුවට එලෙස පත්කර තිබීම විශේෂත්වයක්.

එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත ඛණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජිව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රා ආරචිචි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්දු රාජ්‍යක්ෂ, එමි. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ පත්කර තිබෙනවා.

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමද මෙම ලේඛනයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඔහුව මෙම ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ, කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාල වකවානුව තුළ ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ ඔහු විසින් දබර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ද ලබා දීම හේතුවෙන්.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කෝප් කමිටු සභාපතිවරයා දඹරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...