26 C
Colombo
Sunday, May 19, 2024

කෝප් එකේ සභාපතිකමට රත්තරන්ව දාලා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමයි.

ඕනෑම පුද්ගල‌‌යෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් මෙම කාරක සභාවට බලය හිමිවනවා.

පහලගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන නොහොත් ‘රත්තරන්’ යනු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරයෙක් වනවා.

2007 – 2010 කාලයේදී ඔහු ජාතිය ගොඩනැගීමේ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසද 2019 වසරේ බලශක්ති අමාත්‍යවරයා ලෙසද 2020 වසරේ වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

2010 මාර්තු 31 සිට 2014 මැයි 31 යන සිව් වසරක කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත් රු ලක්ෂ 412 ක මුදල් හා වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වීම මත අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට එරෙහිව 2016 ජනවාරි 8 වැනි දින නඩුවක් ගොනුකරනු ලැබූවා.

එම නඩු කටයුත්තේ එක් අවස්ථාවකදී අබේගුණවර්ධන අමාත්‍යවරයාට නයෙකු දෂ්ඨ කිරිම නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ සිද්ධියට සමාජයේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණා.

අනතුරුව 2021 වසරේ මාර්තු 19 වන දින එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම්දීම අධිකරණය පිළිගැනීම හේතුවෙන්.

අබේගුණවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව මීට පෙර අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නඩුව පැවරීමේ දී සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් වන අල්ලස් හෝ දූෂණ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත් කොට නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවයි.

ඒ අනුව තාක්ෂණික කරුණක් මත මෙම නඩුව අවසන් වූවා.

අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනය සිදුකෙරෙමින් පවතින අතරතුර හදිසියේම එහි විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමෙන් ඉවත්කර මාරුවීමක් ලබාදී තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා මෙම අනීතික මාරුකිරීමට එරෙහිම මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනුකරනු ලැබූවා.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් සදහන් වූයේ මෙම විමර්ශනය පවත්වාගෙන ගිය පොලිස් පරීක්ෂක නිහාල් අමරසිරි වවුනියාව කොට්ඨාශයට මාරුකර යවා මන්නාරම – වවුනියාව මාර්ගයේ බංකරයක සේවයට යෙදවූ බවත් දෙවන පෙත්සම්කරු වූ පොලිස් පරීක්ෂක කේ.ඒ. සුජාතා කුමාරි යන අයවද පොලිස් මූලස්ථානයට මාරුකර යැවූ බවයි.

එමෙන්ම පොලිස් පරීක්ෂක අමරසිරි සිය පෙත්සමෙන් චෝදනා කළේ අල්ලස් කොමිසමේ එවක කොමසාරිස්වරයෙකු වූ ඉන්ද්‍රා ද සිල්වා මහතා හදිසියේ තමාව කාර්යාලයට කැඳවූ බවයි.

එහිදී ඉන්ද්‍රාද සිල්වා මහතා සදහන් කර ඇත්තේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම තමන්ට දුරකතනයෙන් ඇමතූ බවත් මෙම නඩුව ඉවත් කරගන්නා ලෙසට පැවසූ බවත්ය.

තවද එහිදී ඉන්ද්‍රා ද සිල්වා මහතා ” ඇමතිවරයාට හොඳ අනාගතයක් ඇති පුද්ගලයෙක්” බව තමන්ට පැවසූ බවද පොලිස් පරීක්ෂක අමරසිරි මහතා තම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි සදහන් කර තිබූණා.

පසුව කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ නෙවිල් ගුරුගේ විසින් තමාට නඩුව ඉවත් කරන ලෙස උපදෙස් දුන් බව පොලිස් පරීක්ෂක අමරසිරි මහතා පෙත්සමෙහි වැඩිදුරටත් සදහන් කර තිබූ බව බව සන්ඩේ ටයිම්ස් පුවත්පත 2008 වසරේ සැප්තැම්බර් 14 වන දින වාර්තා කළා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය Colombo Telegraph වෙබ් අඩවියට ලියූ ලිපියක සදහන් කළේ රෝහිත අබේගුණවර්ධන මහතා සිය පියාගේ රියදුරා වශයෙන් කටයුතු කිරීමට තම නිවසට පාපැදියකින් පැමිණි බවයි.

අදාළ ලිපියෙන් ඇය පෙන්වා දී තිබුණේ පුද්ගලයෙකු පාපැදියක් භාවිතා කිරීම සැලකිල්ලකට ගතයුතු කරුණක් නොවූවත් ඉන් වසර කිහිපයකට පසුව මේ සා විශාල ධනස්කන්ධයක් ඔහු සතුවූයේ කෙසේදැයි ඕනෑම පුද්ගලයෙකුට සැකයක් ඇතිවීම සාධාරණ බවයි.


RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...