24 C
Colombo
Tuesday, March 21, 2023

සෑම පුරවැසියෙක්ම ලක්ෂ 10ක් පමණ ණයයි..! – මහ බැංකුව

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 23.31 කි.

එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩි වී තිබීමයි.

2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් වාර්තා වූ මෙම අගය 2022 ජනවාරි මාසයේ දී රු. බිලියන 17,873.0 ක් දක්වා සහ 2022 පෙබරවාරි මාසයේ දී රු. බිලියන 17,940.2 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගියද 2022 මාර්තු මාසය අවසානයේ දී එය රු. බිලියන 21,696.6 ක් දක්වා දැවැන්ත ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟම විදේශ මුදලින් නාමකරණය වී තිබුණු ණය ප්‍රමාණයන් හි රුපියල් වටිනාකම ඉහළ යාම මෙලෙස මාර්තු මාසය තුළ දී රු. බිලියන 3,756.4 ක් තරම් විශාල අගයයකින් සමස්ත ණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම කරුණත් සමඟම අනෙක් ප්‍රධාන කාරණය නම් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද සීඝ්‍ර වැඩිවීමකට ලක්ව තිබීමයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ, අධිකාරී, ආචාර්ය එම්. ඉසෙඩ්. එම්. ආසිම් මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

ඒක පුද්ගල ණය අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ වර්ෂික සම්පූර්ණ ණය ප්‍රමාණය, වාර්ෂික ජනගහනයෙන් බෙදලා. 2021 වාර්ෂික ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 17.3 ක් වගේ. එය ජනගහනයෙන් බෙදලා දැනටමත් එම ඉලක්කම් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. නමුත් 2022 යම් ආකාරයකින් ණය මට්ටම ඉහළ ගියාට තවම අපේ වාර්ෂික ජනගහනය පිළිබඳ තොරතුරු සම්පූර්ණ වෙලා නැහැ. එය පැමිණියායින් පසුව එම අගයයන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් යම් ආකාරයකින් පසුගිය වසරේම ජනගහනය සලකා බලා එම අගය සකසා ගන්න පුළුවන්. අපේ සෑම සතියකම ප්‍රකාශයට පත් කරන Weekly Economic Indicators වාර්තාවේ තිබෙනවා ඒ අවස්ථාවේ සමස්ත ණය වටිනාකම. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 කි.

ඊට අනුව ගණනය කිරීමේ දී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 කි. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ දහයක ණයක් දරන්නෙකි. හෙට උපදින බිළිඳා ද මීට අයත් බව සිහිතබා ගත යුතුය.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.