පකිස්තානයේ, බලුකිස්තාන ප්‍රාන්තයේ හර්නායි දිස්ත්‍රික්කයේ සෆාර් බාෂ් ප්‍රදේශයේ දී බෝම්බයක් පිපිරීයාමෙන් පකිස්තාන හමුදා සාමාජිකයන් සිවිදෙනෙකු මියගොස් තිබේ.
ඩෝව්න් පුවත් සේවය වාර්තා කළේ මෙහිදී තවත් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මුර සංචාරයක නිරතවූ හමුදා භටයන් රැගත් රථය අදාළ ප්‍රදේශයේදී එක්වරම පිපිරී ගොස් ඇති අතර ඊට හේතුව දුරස්ථ පාලකයක් මගින් සිදුකළ බෝම්බ පිපිරවීමක් බව විශ්වාස කෙරේ.
තහනම් සංවිධානයක් වන බලුකිස්තාන විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.