27.9 C
Colombo
Saturday, April 27, 2024

Fact Check: චීන ජනපති නිවාස අඩස්සියේ ද?

- Advertisement -

චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බව ද එම ට්විටර් පණිවුඩවල සඳහන් වනවා.

චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 60 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත්, චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ට්විටර් පණිවුඩ සංසරණය වී තිබෙනවා.

කෙසේ නමුත්, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ සංචාරයක නියැළිනි. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.

‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාපධිති ජින්පින් විදේශ සංචාරයකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමිර් පුටින් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුවට සහභාගී වූහ.

2020 වසරේ චීන සහ ඉන්දීය හමුදා අතර පැවැති දේශසිමා ගැටුමින් අනතුරුව, ජනාධිපති ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකම සමුළුවකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් දෙදෙනා අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ නැත.

සමුළුව අවසන් වී, යළි චීනයට පැමිණි ජනාධිපති ජින්පින්, නිවාස අඩස්සියට යොමු කළේ නම්, එසේ කරන්න ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඔහු නිරෝධානයට යොමු විය යුතු නිසා යැයි ට්විටර් පණිවුඩ ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු පැහැදිලි කර තිබේ.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ දැඩි නීතිරිතී පනවා ඇත. විදේශ ගමන් බිමන්වලින් පසු චීනයට පැමිණෙන පිරිස් නියමිත දින ගණනක් නිරෝධානයනට යොමු කිරීම ද සිදුවෙයි.

(එන්.ඩී.ටීවී.)චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බව ද එම ට්විටර් පණිවුඩවල සඳහන් වෙයි. චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 60 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත්, චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ට්විටර් පණිවුඩ සංසරණය වී තිබේ.

කෙසේ නමුත්, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ සංචාරයක නියැළිනි. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.
‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාපධිති ජින්පින් විදේශ සංචාරයකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමිර් පුටින් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුවට සහභාගී වූහ.

2020 වසරේ චීන සහ ඉන්දීය හමුදා අතර පැවැති දේශසිමා ගැටුමින් අනතුරුව, ජනාධිපති ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකම සමුළුවකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් දෙදෙනා අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ නැත.

සමුළුව අවසන් වී, යළි චීනයට පැමිණි ජනාධිපති ජින්පින්, නිවාස අඩස්සියට යොමු කළේ නම්, එසේ කරන්න ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඔහු නිරෝධානයට යොමු විය යුතු නිසා යැයි ට්විටර් පණිවුඩ ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු පැහැදිලි කර තිබේ.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ දැඩි නීතිරිතී පනවා ඇත. විදේශ ගමන් බිමන්වලින් පසු චීනයට පැමිණෙන පිරිස් නියමිත දින ගණනක් නිරෝධානයනට යොමු කිරීම ද සිදුවෙයි.

(NDTV)

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...