29.4 C
Colombo
Friday, April 26, 2024

ගොවි උද්ඝෝෂණ වලට සල්ලි දෙන්නේ පොහොර සමාගම්..! – ඇමතිගෙන් චෝදනාවක්

- Advertisement -

ගොවි උද්ඝෝෂණ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කර සිටිනවා.

ඒ, පෙරේදා (16) දින අනුරාධුපරයේ පැවති හමුවක් අමතමින්.

ඇතැම් පොහොර විරෝධතා පිටුපස දේශපාලන උවමනාවන් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගොවීන් කෙතරම් ඉල්ලා සිටිය ද ආරම්භ වී ඇති මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවම වශයනේ මාස දෙකක් ගත වන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

“ජේවීපී එකේ නාමල් කරුණාරත්නටත් සල්ලි දෙන්නේ රසායනික පොහොර සමාගම්. ජේවීපී එකට අමතරව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේකට එකතු වෙලා තියෙනවා. අඩුම මාස 2 ක් යනවා එතතොට මහ කන්නය ඉවරයි. දැන් ගොවියට තියෙන්නේ මේ දීලා තියෙන කාබනික පොහොරත් එක්ක තමන්ගෙ කෘෂිකර්මාන්තය ගෙනියන එක. මේකෙ නිෂ්පාදනය අඩු වුණොත් වන්දිත් දෙනවා කියලා කියනව නම්, ඊට වැඩිය දෙයක් කියන්න නැහැ.

අපි කවුරුත් ගොවියා ගාවට යන්නේ නෑ. අපි දන්නවා මේක අභියෝගයක් අපි ගියාම බැණුම් අහන්න වෙනවා. ඒක නිසා අපි මේකෙන් ඈත්වෙලා ඉන්නවා. අපි ඈත්වුණාම මේකට වෙනත් බාහිර පාර්ශව ගිහින් ගොවියො එකතු කරලා විශාල උද්ඝෝෂණ තියනවා” යැයි ඔහු පවසනවා.

අමාත්‍යාවරයා මෙසේ පැවසුවද අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවේ සහතික කළ චීන කාබනික පොහොර මෙරට ප්‍රමිතීන්ට අනුකූල නොවන බව නැවත නැවතත් තහවුරු වී ඇති පසුබිමක ගොවීන්ට කාබනික පොහොරද රසායනික පොහොරද අහිමි වී ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...